29.4 C
Galle

කොළඹ ගින්නකින් නිවාස 50ක් විනාශයි

Published:

කොළඹ ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ අද (15) අලුයම ඇති වූ ගින්නකින් නිවාස 50ක් පමණ විනාශ වී ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

අලුයම 2.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න නිවීම සඳහා පැය දෙකක පමණ කාලයක් ගතවී තිබිණි. ඒ සඳහා ගිනි නිවීමේ රථ 10ක් යෙද වූ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැත. කජීමා වත්තේ එකිනෙකට යාබදව පිහිටි පැලපත් නිවාස 250ක් පමණ ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!