29.4 C
Galle

හැටන් පාසලක පන්තියක් ආරම්භ නොකරම වසා දමයි

Published:

නෝර්වුඩ් දෙමළ මහා විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවෙන් එම පාසලේ 05 ශ්‍රේණියේ පන්ති අද (15) ආරම්භ නොකළ බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ශ්‍රීධරන් පවසයි.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභා පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනියට කොරෝනා ආසාදනය වී ඇති අතර මෙම සිසුවා ඇගේ පුත්‍රයාය. මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් පවසන්නේ ආසාදිත මව සහ පුතා වලපනේ නිරෝධායන මධයස්ථානයට යොමු කළ බවයි.

එම දරුවාගේ ආශ්‍රිතයන් වූ සම වයස් සිසුන් අද (15) පීසීආර් පරීක්ෂණවලට යොමුකරන බැවින් පාසලේ 5 ශ්‍රේණිය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!