29.4 C
Galle

පාසලක පන්තිකාමර දෙකක් ගින්නකින් විනාශයි

Published:

කසළ ගොඩක් ගිනි තැබීමේ දී එම ගින්න පැතිර ගොස් කුරුණෑගල ආදර්ශ මහා විද්‍යාලයේ පන්තිකාමර දෙකක් සම්පූර්නයෙන් ම පිළිස්සී හානි වී ඇතැයි කුරුණූගල පොලිසිය පවසයි.

පාසල අසළ ඇති පුද්ගලික ව්‍යාපාරික ආයතනයක් කුණු ගොඩකට ගිනි තැබීමෙන් මෙලෙස ගින්න පැතිරගොස් ඇත. පන්තිකාමර දෙකෙහි පළමු ශ්‍රේණි පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම ව්‍යාපාරික ස්ථානයේ තිබූ අබිලි ද්‍රව්‍ය තොගයකට ගිනි තැබීමේ දී එම ගින්න පාසලේ ආරක්ෂිත බැම්මේ ඇති සිදුරකින් ගොඩනැගිල්ල දෙසට පැතිරෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

කුරුණෑගල මහ නගර සභාවේ සහායද ඇතිව පොලිසිය ගින්න මැඩ පවත්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!