30.5 C
Galle

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

Published:

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

නාලක කළුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයත් මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යධූරයත් හොඹවන කාලයේ දී ය. ඔහු ජනාධිපති අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ වඩබලන පදනම යටතේ 2018 ඔක්තෝබර් 27 වැනි දින සිට පත්කර තිබිණි.

ඔහුගේ ඉවත්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දැනුම්දීමකට අනුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ලය ද ඉල්ලා අස්විය.

Related articles

spot_img
error: Content is protected !!