30.5 C
Galle

භික්ෂුවක් බදාගෙන වීඩියෝ කරන්න ගිය කාන්තාවන් අත්අඩංගුවට

Published:

තම විහාරස්ථානයට පැමිණි රාජ්‍ය නොවන සංවිධානයක කාන්තාවන් දෙදෙනකු තමන් වැළඳගෙන එම දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමට උත්සාහ ගත්තා යැයි හිමිනමකගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කාන්තාවන් දෙදෙනකු සහ ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.

එම විහාරස්ථානය කල්පිටිය නොරොච්චෝල ප්‍රදේශයේ පිහිටා තිබේ. කාන්තාවන් තිදෙනකු පසුගිය 18 වැනි දා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මෙම ක්‍රියාව සැළසුම් කළ බව කියන එම රාජ්‍ය නොවන සංවිධානයේ සභාපතිනිය ද අත්අඩංගුවට ගත් බවයි. ඇය 59 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රී රෝද රථයකින් විහාරස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනා භික්ෂූන්වහන්සේ සමඟ කතා කරමින් සිටිය දී එකවරම ඉදිරියට පැන හිමියන් බදා වැළඳගෙන ඇති බව ද පොලිිසය පවසයි. මෙම අවස්ථාව ජංගම දුරකථනයකින් වීඩියෝ කර එය අන්තර්ජාලයට මුදාහැරීමට සැළසුම් කර තිබෙන බව ද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා පේරාදෙණිය, ගන්නෝරුව හා පුත්තලමේ පාලවිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ත්‍රී රෝද රථයේ රියදුරා ද අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට මුහුණ පෑ භික්ෂූන්වහන්සේ විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කරයි. භික්ෂූන් වහන්සේලාට හා බුද්ධාගමට අපහාස කිරීමේ බලාපොරොත්තුවෙන් මෙය සැළසුම් සහගතව කරන ලද ක්‍රියාවක් යැයි සැකකරන බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!