29.7 C
Galle

කුරුඳු දුම්වැටියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

Published:

කුරුඳු දුම්වැටි නිෂ්පාදනය නීති විරෝධී බැවින් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල ආයතනවලට දැනුම් දී ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසයි.

එම කුරුඳු දුම්වැටිය නිෂ්පාදනය කිරීමේ දී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝනය කර ඇති බවත් එම නිෂ්පාදනය පසුපස සිටින්නේ දුම්කොළ කර්මාන්ත කරුවන් බවත් වෛද්‍ය සමාධි රාජපක්ෂ පෙන්වාදෙයි.

කුරුඳු දුම්වැටිය හඳුන්වාදීමෙන් මෙරට දුම් පානය නොකරන 84% වන කාන්තාවන් හා පාසල් දරුවන් ඉලක්ක වන බවත් කුරුඳු දුම්වැටි පානයකිරීමේ මුවාවෙන් ඔවුන් දුම්කොළ අඩංගු දුම්වැටි පානයට පොළඹවාගන්නා බවත් එම අධිකාරිය පවසයි. එබැවින් මේ පිළිබඳ නීතිමය පියවර ගැනීමට දැනටමත් තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!