26.8 C
Galle

දංගෙදර ජයවර්ධන විදුහලේ ශිෂ්‍ය නායක මඬුල්ල රුධිර හිඟය පියවීමට පෙරමුණට එයි

Published:

ගාල්ල දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් එම විද්‍යාලයේදී පැවැත්විණ.

කොරෛා්නා වසංගත තත්ත්වය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රමාණත් රුධිර පරිත්‍යාග නොලැබීම හේතුවෙන් දරු දැරියෝ මෙම වැඩසටහන සංවිධානය කළහ. විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ පිරිසක්, දෙමාපියන් සහ ආදි සිසු සිසුවියෝ ද මෙම වැඩසටහනට එක්වෙමින් ලේ පරිත්‍යාග කළහ.

කරාපිටියේ ලේ බැංකුව කියා සිටියේ එම වැඩසහනේ දී පුද්ගලයන් 80 දෙනකු රුධිරය පරිත්‍යාග කළ බවයි. විදුහල්පති දිනේෂ් කුමාර හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

ලේ බැංකුව පවසන්නේ මෙම දිනවල කරාපිටියට සියලුම වර්ගවල ලේ අවශ්‍යව තිබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!