26.8 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පංච පුද්ගල පරිපාලන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත. පසුගිය 20 වැනි දා හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය අවසන් වූ පසු නිලවරණයක් පවත්වා නව නිලධාරීන් පත්වන තෙක් අතුරු කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබිණි.

මෙම නව කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අර්ජුන ද සිල්වා පත්කර ඇත.

ඔහුට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, සුජීව මුදලිගේ සහ උචිත වික්‍රමසිං යන පරිස මෙම කමිටුව සඳහා පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනි දා පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!