28.7 C
Galle

අධිවේගී මාර්ගයේ නොමනා ගමන් ගිය සියලු දෙනා ඉතිරි 04 දෙනා අත්අඩංගුවට

Published:

අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයකින් සිරුරේ කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් 04 දෙනකු අද (13) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

අධිවේගී මාර්ග ආරක්ෂණ පොලිස් කොට්ඨාසය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18-20ත් අතර වයසේ පසුවන අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකි. මීට අමතරව මෙම රථය පැදවූ තරුණයා ඊයේ (12) අත්අඩංගුවට ගැණුනු අතර ඔහු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මස 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීඹට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ අද අත්අඩංගුවට ගත් තරුණයන් සිව්‍දෙනා අත්අඩංගුවට ගත්තේ අයුරුතු ජනරාශිය හා අයුතු අවහිර කිරීමේ සාමාජිකයන් ලෙස කටයුතු කිරීමේ චෝදනා යටතේ බවයි. මෙම සිව්දෙනා ද පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!