28.9 C
Galle

මෛත්‍රීට හා රනිල්ට එරෙහිව නඩු 284ක් ගොනුකරති

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 200ක් පමණ වන්දියක් අයකර දෙන්න යැයි ඉල්ලා පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ගේ ඥාතීන් විසින් නඩු 284ක් ගොනුකර තිබේ.

ප්‍රහාරය සිදුවී ගත වූ අවුරුදු 02ක කාලයේ දී මෙම නු ගොනුකර තිබේ.

මෙයින් නඩු 102ක් කොළඹ දිසා අධිකරණයේ ගොනුකර ඇති අතර අනෙක් නඩු 182 ගොනුකර ඇත්තේ මීගමුව දිසා අධිකරණයේය.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුවූ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ අය වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනුකර ඇත. මීගමුව දිසා අධිකරණයේ නඩු ගොනුකර ඇත්තේ කටවුපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ අයගේ ඥාතීන් විසිනි.  

හිටපු ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට අමතරව එම නඩුවල වගඋත්තර කරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් නම්කර තිබේ. පැමිණිල පාර්ශවය සඳහන් කරන්නේ වගඋත්තරකරුවන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් සිදුවූ ජීවිත හා ශාරීරික හානි වෙනුවෙන් ඔවුන්ගෙන් වන්දි අයකර දෙන ලෙසයි.

Related articles

spot_img
error: Content is protected !!