29.4 C
Galle

ගාල්ලේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (24) කොරෝනා ආසාදිතයන් 21 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් 07 දෙනකු, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 04 දෙනකු, හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 03 දෙනකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 03 දෙනකු, යක්කලමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 02 දෙනකු, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් එක් අයකු සහ ගෝනාපීනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් එක් අයකු වශයෙනි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් සංඛ්‍යාව 2466ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 2327 දෙනෙකි.

Related articles

spot_img
error: Content is protected !!