29.4 C
Galle

මොණරාගලත් අවදානමක. ඇතිමලේ පොලිසියත් වැසේ

Published:

කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් මොණරාගල ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

ඇතිමලේ පොලිසියේ නිලධාරීන් 57 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඉන් 16 දෙනකු කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ උපදෙස් මත මෙවැනි පියවරක් ගෙන තිබේ.

ඊයේ (24) දිනයේ දී පමණක් මොණරාගල නගරය හා ඒ අවට ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 30 දෙනෙකි.

මොනරාගල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තියත් සමග ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගැණිනි.

Related articles

spot_img
error: Content is protected !!