29.4 C
Galle

වඳුරඹ මැදි විදුහලේ සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය පිරිසකට කොරෝනා

Published:

ගාල්ලේ වදුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ඇතුළු අවුරුදු සවාරි ගිය බද්දේගම පවුල් දෙකක පුද්ගලයන් 07 දෙනකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම සිසුවා පසුගිය 19 වැනිදා පාසලට පැමිණ තිබූ බැවින් පන්තිභාර ගුරුවරිය ඇතුළු ආශ්‍රිත වූ අනෙකුත් සිසු සිසුවියන් ද නිරෝධායනයට යොමුකර ඇත.

මෙම ආසාදිතයන් පිරිස වාර්තා වී ඇත්තේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හල්පාතොට මධ්‍යම සහ කොහොඹලාදෙණිය ග්‍රාම නිලධාරී වසම්වලිනි.

Related articles

spot_img
error: Content is protected !!