29.9 C
Galle

දකුණු පළාතේ අද කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Published:

දකුණු පළාතෙන් ඊයේ (25) සවස 4.00 සිට අද (26) සවස 4.00 දක්වා ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 122ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද කොරෝනා ආසාදිතයන් පිළිබඳ දෛනික තත්ත්ව වාර්තාවේ දැක්වේ.

ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 88කි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 24ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 32කි

ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින්

රත්ගම 32

බද්දේගම 14

බලපිටිය 10

කරන්දෙණිය 09

නාගොඩ 07

හබරාදුව 06

නෙළුව 03

බෝපේ පෝද්දල 03

ඉඳුරුව 02

අම්බලන්ගොඩ 01

හික්කඩුව 01

මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ආසාදිතයන් වාර්තාවන ආකාරය

මාතර නාගරික 09

කිරින්ද පුහුල්වැල්ල 07

දෙවිනුවර 02

මාලිම්බඩ 02

දික්වැල්ල 01

කඹුරුපිටිය 01

මුලටියන 01

වැලිගම 01

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් කොරෝනා ආසාදිතයන් වාර්තාවන ආකාරය

හම්බන්තොට 04

වීරකැටිය 03

තංගල්ල 02

වලස්මුල්ල 01

Related articles

spot_img
error: Content is protected !!