29.9 C
Galle

රටේ සියලු පාසල් වසා දමයි

Published:

දිවයින පුරා සියලු පාසල් ලබන 30 වැනි දින දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ බස්නාහිර සහ වයඹ පළාත්වල පාසල් පමණක් වසා තබන බවයි. එසේ වුව ද රට පුරා කොරෝනා අවදානමක් පැතිරීම හේතුවෙන් විවිධ ප්‍රදේශවල පාසල් වසා දැමීමට සිදුව තිබූ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ හා අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට ද අද උදෑසන පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් කොරෝනා කමිටු තීරණය කර තිබිණි.

රටේ සියලු පාසල් වසා දැමීමේ නිවේදනය මීට සුළු වේලාවකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති අතර අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා ව්‍යාප්තිය අනුව නැවත පාසල් ආරම්භ කිරීම පිළිබඳ තීරණය කරනු ලබන බවයි.  

Related articles

spot_img
error: Content is protected !!