27.2 C
Galle

අධිවේගයේ කොට්ටාව හුවමාරුව නැවත දැනුම්දෙන තුරු වසා දමයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුව නැවත දැනුම්වෙ දෙනතුරු වසා දමා තිබේ.

එහි ප්‍රවේශපත්‍ර කවුළුවල සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (27) රාත්‍රී කොට්ටාවෙන් වාහන පිටකිරීම නවතා දමා තිබිණි. මහා මාර්ග අමාත්‍යාංශය මීට පෙර කියා සිටියේ අද (28) උදෑසන 6.00 සිට කොට්ටාව සාමාන්‍ය පරිදි විවෘත කරන බවයි.

නමුත් එම තීරණය වෙනස් කර නැවත දැනුම්දෙන තුරු කොට්ටාව අන්තර් හුවමාරුව වසා දමා තිබේ. එම හුවමාරුව භාවිතා කිරීමට ඉඩ ‍දී ඇත්තේ මගී ප්‍රවාහන බස් රථ හා ගිලන්රථ සඳහා පමණි. අනෙකුත් සියලු වාහන කහතුඩුව හා අතුරුගිරිය පිවිසුම් භාවිතා කළ යුතු අතර එම ස්ථානවලින් ඇතුළුවන වාහනවලට ප්‍රවේශපත්‍ර නිකුත් කරන්න‍ේ නැත.

Related articles

spot_img
error: Content is protected !!