29.4 C
Galle

ගාල්ලේ රජයේ කාර්යාල කිහිපයකින් ආසාදිතයන්. ඇතැම් කාර්යාල වසා දමයි

Published:

ගාල්ලේ ලබුදූව දක්ෂිණපාය ගොඩනැගිල්ලලේ පිහිටා ඇති ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අයකු පළමු පෙළ ආශ්‍රිතයකු වීම හේතුවෙන් එහි ගිණුම් අංශය වසා දමා ඇතැයි දකුණු පළාත් සභා නිලධාරීන් පවසයි.

මේ අතර හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාය ද තාවකාලිකව වසා දමා තිබේ. මීට පෙර ගිණුම් අංශයේ නිලධාරියකු ආසාදිතවීම හේතුවෙන් 20ක පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබූ අතර ආයතන අංශයේ නිලධාරියකු ද ආසාදිත බව තහවුරු වී තිබේ. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් ද අසාදිතයන් වාර්තා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!