29.4 C
Galle

ආසනික් වැඩි සැමන් හරවා යැවූ නිසා රටපුරා සැමන් හිගයක්

Published:

ආනයනය කරන ලද සැමන්වල තිබිය හැකි ආසනික් ප්‍රමාණයට වඩා අඩංගුවීම හේතුවෙන් එ්වා හරවා යැවීම නිසා මෙරට වෙළෙඳ පොළේ සැමන් හිඟයක් පවතින බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

සතොස වෙළෙඳ සැල්වල ද මේ වනවිට සැමන් නැත. අමාත්‍යවරයා පවසන්නේ දේශීය සැමන් නිෂ්පාදකයන් සතොසට ලබන සතියේ සිට සැමන් සපයන බවට එකඟ වී ඇති බැවින් එම හිඟය යම් තරමකට අඩුකරගත හැකිවනු ඇති බවයි.  

දේශීය සැමන් නිෂ්පාදකයන්ට සැමන් අසුරන ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් එම තොග ලැබීම ද ප්‍රමාදවීමට ඉඩ ඇතැයි සතොස සභාපති ආනන්ද පීරිස් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!