29.4 C
Galle

අම්බලන්ගොඩ ගම් දෙකක් හුදකලා කරයි

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ගොඩහේන ග්‍රාම නිලධාරී වසම සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම හුදකලා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් මෙම ග්‍රාම නිලධාරී වසම් දෙකෙන් වාර්තාවීම හේතුවෙන් වසංගතය පාලනය කිරීම සඳහා මෙම හුදකලා කිරීම ක්‍රියාත්මක කර ඇත. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ මෙම ප්‍රදේශයේ පිරිස් සිරීපාදේ වන්දනාවේ යාම හා අවුරුදු ගමන් බිමන් යාම හේතුවෙන් මෙලෙස කොරෝනා පැතිරෙමින් පවතින බවයි.

සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා තවදුරටත් ලැබීමට නියමිතව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!