28.9 C
Galle

ගාල්ලෙන් අදත් කොරෝනා මරණ 03ක්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (02) දිනයේ වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 03කි. ඒ අනුව කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ලෙන් කොරෝනා මරණ 14 මේ දක්වා වාර්තා වී තිබේ.

අද වාර්තාවන මරණ අතරින් එක් මරණයක් වන්නේ රත්ගම දී සිය නිවසට නුදුරින් පිහිටි ළඳක වැටී මියගිය 53 හැවිරිදි කාන්තාවයි.

අනෙක් මරණය සිදුව ඇත්තේ ගාල්ලේ ගෝනපුර ප්‍රදේශයෙනි. මියගොස් ඇත්තේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු නිවසේ සිටි යදී මියගොස් ඇත.

තුන්වැනි මරණය වක්වැල්ල දූව වත්තේ සිටිය දී කොරෝනා ආසාදනය වී රෝහල්ගත කෙරුණු කාන්තාවකි. ඇයගේ විස්තර මෙතෙක් ගාල්ල සෞඛ්‍ය අංශ වෙත ලැබී තිබුණේ නැත.

Related articles

spot_img
error: Content is protected !!