29.4 C
Galle

තිසර පෙරේ‍රා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

Published:

ප්‍රහාරාත්මක පිතිකරුවකු හා තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. එක්දින ක්‍රිකට් තරඟවල සහ T-20 තරඟවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති තිසර පෙරේරා ඉදිි එක්දින තරඟ සංචාර සඳහා ඇතුළත් කර නොගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තීරණය කර තිබීම හේතුවෙන් ඔහු මෙලෙස සමුගැනීමට හේතු වී තිබේ.

ඉදිරි එක්දින තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා වැනි ජේෂ්ඨ ක්‍රීඩකයින්ව තෝරා ගැනීමට ඇති ඉඩකඩ අවම බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පසුගිය සතියේ මාධ්‍ය වෙත දැනුම් දී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!