28.9 C
Galle

ගාල්ලෙන් එක් දිනක දී රෝගීන් 100 පනී

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15කින් අද (04) දහවල් 12.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇති බව දකුණුු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

මේ අතරින් වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 30 කි. ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයෙන් ආසාදිතයන් 19ක් වාර්තා වන අතර  බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 16ක් වාර්තා වෙයි. ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 14 දෙනකු වාර්තා වී ඇත.

ආසාදිතයන් වාර්තා වූ අනෙකත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස

බද්දේගම 10

ඉමදුව 06

අක්මීමණ 05

අම්බලන්ගොඩ 04

ඉඳුරුව 04

නාගොඩ 04

බලපිටිය 02

හික්කඩුව 02

ගෝනාපීනුවල 01

කරන්දෙණිය 01

රත්ගම 01

Related articles

spot_img
error: Content is protected !!