28.3 C
Galle

පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීම තහනම් කරයි

Published:

පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

බෝතල්, වෙනත් ඇසුරුමු හෝ බහාලුම්වල දමා තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් ආහාර සැකසීම හෝ ආහාරයට ගැනීම සඳහා විකුණනු ලබන පොල්තෙල්වලට කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතු බව මෙම ගැසට් නිවේදනයේ දැක්වේ.

මෙරට දේශීය වෙළෙඳ පොළෙහි පොල්තෙල්වල අඩංගු ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණය අඩුකරගැනීම සඳහා ඇතැම් පොල්තෙල් නිෂ්පාදකයන් පොල්තෙල්වලට පාම් ඔයිල් කලවම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!