28.3 C
Galle

ගාල්ලේ හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ හදිසි වෙනසක්

Published:

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මරණ පරීක්ෂකවරුන්ගේ හදිසි වෙනසක් කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්.පී.කේ.මායාදුන්නේ අද (10) නියෝග කර තිබිණි.

ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්.එම්.නාසිම් ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා කිහිපයක් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. ඔහු මුස්ලිම් ජාතිකයන්ගේ මරණ සඳහා අවශ්‍ය හදිසි මරණ පරීක්ෂණ සිදුකිරීමට පමණක් යොදවා ඇත.

එම නියෝග අනුව අද (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල හදිසි මරණ පරීක්ෂකවරුන් වන එන්.ජී.බී.කරුණාතිලකට දින හතරක් ද මහේෂ් ධර්මරත්න ට දින 03ක් ද කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරු ලෙස කටයුතු කරන ලෙසත්, අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේට අමතර හදිසි මරණ පරීක්ෂකවරයා ලෙස කටයුතු කරන ලෙසත් නියෝග කරන ලද පිලියක් යොමු කර තිබේ.

එම ලිපිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය, දිසාපතිවරයා, ගාල්ල මූලස්ථාන පොලිසිය හා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධයක්ෂ හා අධිකරණ වෛද්‍ය අංශය වෙත ද යොමුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!