30 C
Galle

පොලිස් වෙඩි පහරින් අපරාධ කල්ලි සාමාජිකයෙක් මරුට

Published:

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු නවගමුව වඳුරම්මුල්ල ප්‍රදේශයේ දී පොලිස් වෙඩිපහරකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාමුලගේ දිනෙත් මෙලාන් මාමුල නමැති අයෙකි.

මිනිස් ඝාතන සහ කප්පම් ගැනිම් සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (10) නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන ගොස් සිටිය දී ඇති වූ සිද්ධියක දී පොලිසිය විසින් වෙඩි තබා ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!