27.6 C
Galle

ජල ගැලීම් හේතුවෙන් ගාල්ලේ තවත් මරණයක්

Published:

ගාල්ලේ නාගොඩ තල්ගස්වල දී අද (14) දියේ ගසාගෙන ගිය පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ වාඩිකන්ද පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. තල්ගස්වල නාගොඩ මාර්ගය ජලයෙන් යටවී තිබිය දී ඔහු ජලයේ බැස එම මාර්ගයේ ගමන් කරමින් සිටිය දී සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි සිද්ධිය ඇසින්දුටුවෝ කියති.

පොලිසිය පවසන්නේ ඔහුගේ මළ සිරුරු මාපලගම ප්‍රදේශයේ වෙළෙඳ සැළක් අසළ තිබී සොයාගත් බවයි.

Related articles

spot_img
error: Content is protected !!