30 C
Galle

පුතු වෙනුවෙන් මවකගේ ඉල්ලීමට බූස්ස බන්ධනාගාරයට අධිකරණ නියෝගයක්

Published:

ගාල්ලේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර මැයි මස 24 වැන දින දක්වා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. මෙම නියෝගය අද (17) බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට යවා තිබේ.

ඔහුගේ මව ආර්.ජී. මාලනී විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සළකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරු විසින් එම නියෝගය නිකුත් කර තිබුණි.

ඔහු මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දඬුවම් නියම වී සිටින අයෙකි.

පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව සඳහන් කරමින් පිටතට රැගෙන ගොස් මරා දැමීමේ තත්ත්වයක් තිබෙන හෙයින් තම පුත්‍රයාට ද මෙම ඉරණමක් අත්වනු ඇතැයි තම සේවාදායිකාව බියෙන් පසුවන පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුනි.

මෙම පෙත්සම සළකා බැලීම ලබන 24 වනදා සිදු කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!