29.4 C
Galle

කාන්තාවක් මෙහෙයවූ කුඩු ව්‍යාපාරයක සාමාජිකයෙක් ගාල්ල නගරයෙන් අල්ලයි

Published:

විදේශගතව සිට පැමිණි කාන්තාවක විසින් මුදල් ආයෝජනය කර පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක සාමාජිකයකු ගාල්ල අයිස්මෝල හන්දියේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්තාන පොලිසිය පවසයි.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 6,440ක් සොයාගෙන ඇත. මෙම පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නඩු 07ක් පවතින බවත් මහාධිකරණය විසින් වසර 05කට අත්හිටුවන ලද සිර දඬුවමක් යටතේ ඔහු සිටි බවත් පොලිසිය පවසයි.
ගාල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ගාල්ල පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය මෙම වැටලීම සිදුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!