29.4 C
Galle

කරාපිටියේ කොරෝනා මරණ 121ක්. අවසන් සතියේ මරණ 43යි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (22) දින 121 ක් දක්වා ඉහළ ගියේය.

ඒ අද දිනයේ කොරෝනා මරණ 03 වාර්තාවීමත් සමඟිනි. මෙම මරණ තුනම සිදුව ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වැනි වාට්ටුවේ දී ය. මියගිය තිදෙනාම පිරිමි පුද්ලයන් වන අතර මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම පදිංචි 70 හැවිරිදි පුද්ගලයකු, රත්ගම පදිංචි 74 හැවිරිදි පුද්ගලයකු සහ ගාල්ලේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම මරණ තුනත් සමඟ පසුගිය මැයි 16 වැනි දා සිට අද 22 දක්වා කරාපිටිය අධිකරණ අංශයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ ගොස් ඇත. එම මරණ සිදුව ඇති අකාරය පහත දැක්වෙයි.

මැයි 16 – 03

මැයි 17 – 06

මැයි 18 – 06

මැයි 19 – 04

මැයි 20 – 08

මැයි 21 – 13

මැයි 22 – 03

Related articles

spot_img
error: Content is protected !!