27 C
Galle

සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් රියදුරා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

Published:

පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ.බායිස්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරා සහ කැබ් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්නේ මියගිය සභාපතිවරයා පිරිසක් සමඟ රාල්මඩුව වැවෙන් ස්නානය කර ඉන් පසු කැබ් රථයේ පිටුපස ගමන් කර ඇති බවයි. එසේ ගමන් කරමින් සිටිය දී රථයෙන් පිටතට විසිවීමෙන් හෝ වෙනත් ක්‍රියාවක් සිදුවීමෙන් හෝ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ සවස 5.30 ත් 6.30ත් අතර සිදුවූ මේ අනතුරින් පසු කරන ලද පරීක්ෂණවලින් සනාථ වී ඇත්තේ රියදුරා සහ අනෙක් පරිස බීමතින් සිට ඇති බවයි. මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!