27.7 C
Galle

චීනයෙන් තෑගි ලැබුණු වකුගඩු රෝහල විවෘත කරයි

Published:

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පොළොන්නරුවේ දි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 දී චීනයේ කළ සංචාරයේ දී කරන ලද ඉල්ලීමකට අනුව චීන රජයේ ත්‍යාගයක් ලෙස මෙම රෝහල් සංකීරණය ඉදිකර තිබේ. අක්කර 16 භූමි ප්‍රමාණයක රුපියල් කෝටි 1200ක වියදමකින් එය ඉදිකර තිබේ.

වකුගඩු බද්ධකිරීම සඳහා ශල්‍යාගාර 05ක් සහිත මෙහි දැඩි සත්කාර ඇඳන් 20ක් ද ඇත. රෝගීන් 200කට නේවාසික ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් තිබේ. රුධිරකාන්දු පෙරණ යන්ත්‍ර 100කින් සමන්විත ඒකකයක්, රසායනාගාර, පර්යේෂණාගාර, වකුගඩු රෝගී සායන සහ නවීන ශ්‍රවණාගාරයක් ද මෙහි තිබෙබ්.

රෝහල් කාර්යමණ්ඩලයේ සෑම අයකුටම නේවාසිකාගාර පහසුකම් ඇති මෙහි වාහන300ක් නවතා තැබිය හැකි රථ ගාලක් ද ති‍බේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහ සමරුඵලකය නිරාවරණය කරන අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටි අතර ඔවුන් දෙදෙනා සහ පැමිණ සිටි අමුත්තන් රෝහලේ නිරීක්ෂණයක ද නිරතවිය.

Related articles

spot_img
error: Content is protected !!