27 C
Galle

බේකරි නිෂ්පාදන මිල ඉහළ දමයි

Published:

පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභබාපති එන්.කේ.ජයවර්ධන පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මාළු පාන්, බනිස් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන රුපියල් 5.00 – 10.00ත් අතර මුදලකින් ඉහළ දමා ඇති බවයි.

තෙල් මිල වැඩිකිරීම හේතුවෙන් මෙලෙස බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවූ බව ඔහු පවසයි.

කෙසේ වෙතත් පාන් මිල ඉහළ දමා නැත.  

Related articles

spot_img
error: Content is protected !!