27.2 C
Galle

පාන් ගෙඩියක් රුපියල් 30කින් නගී. සියලු ආහාර ගණන් උස්සයි

Published:

පාන් රාත්තලක (ග්‍රෑම් 450) මිල අද (19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 150.00ක් දක්වා ඉහළ යන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි. පාන් රාත්තලක් අද සිට රුපියල් 30.00කින් වැඩිකර ඇත. මෙතෙක් පාන් ‍රාත්තලක මිල පැවතියේ රුපියල් 120.00ක් ලෙසිනි.

එමෙන් ම අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10.00කින් ඉහළ දැමීමට සිදුවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මීට අමරතව බත් පාර්සලයක සහ කොත්තුවක මිලත් රුපියල් 20.00ත් 30.00ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බවත් ඉදිරියේ දී ආප්ප සහ රොටි වර්ගවල මිල මෙන් ම තේ සහ කිරි තේ මිල ද ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

Related articles

spot_img
error: Content is protected !!