27.5 C
Galle

ශ්‍රී ලංකාව මියන්මාරයේ හමුදා පාලනයට විරුද්ධ නොවූයේ චීන බලපෑම නිසා ද ?

Published:

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වූ අවුන්සාන් සුකී පාලනය පෙරළා දමමින් මියන්මාරයේ බලය අල්ලාගෙන සිටින හමුදාවේ පාලනය හෙළා දකිමින් එරටට ආයුධ සැපයීමම නතර කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරගත් යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

දේශපාලන විචාරකයන් පවසන්නේ මියන්මාර හමුදාව ආයුධ සපයන ප්‍රධාන සැපයුම්කරුවකු වූ චීනයේ බලපෑම මත මෙවැනි තීරණයක් ගන්නට ඇති බවයි.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 119ක් ලැබී ඇති අතර බෙලරූස් රාජ්‍යය පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි. මියන්මාර හමුදාවේ ප්‍රධාන අවි සැපයුම්කරුවන් වන චීනය සහ රුසියාව සමඟ ශ්‍රී ලංකාව ද ඇතුළත් රටවල් 36ක් මෙම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!