28.3 C
Galle

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

Published:

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් අද (24) උදෑසන සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කළ බව කොරෝනා 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

කොරෝනා පැතිරීමේ අවදානමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ හුදකලා කර තිබේ

යාපනය දිස්ත්‍රික්කය – යාපනය පොලිස් බල ප්‍රදේශයේ රෙක්ලමේෂන් බටහිර ග්‍රාම නිලධාරී වසම සහ ගුරුනගර් ටහිර ග්‍රාම නිලධාරී වසම

මඩකලපුව දිස්ත්‍රික්කය – කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ මන්ජන්කෝඩුවායි උතුර ග්‍රාම නිලධාරී වසම සහ මන්ජන්කෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාර

මඩකලපුව දිස්ත්‍රික්කය – මන්මුනෙයි පොලිස් බල ප්‍රදේශයේ මමන්ගම් ග්‍රාම නිලධාරී වසම

කුරුණෑගල දිස්ත්‍රික්කය – කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ ඉලුප්පුගෙදර ග්‍රාම නිලධාරී වසමේ විල්ගොඩ ගම

කුරුණෑගල දිස්ත්‍රික්කය – රස්නායකපුර පොලිස් බල ප්‍රදේශයේ කණුකැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටිය ගම

Related articles

spot_img
error: Content is protected !!