28.7 C
Galle

රෝහලට කඩා වැදුණු බල්ලෙක් කොරෝනා ආසාදිත කාන්තාවන් සපා කාලා

Published:

පිස්සු බලු රෝගය වැළඳුණු බවට සැකකරන බල්ලෙක් මොරවක කොස්නිල්ගොඩ රජයේ රොහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට කඩා වැදී එහි සිටි කාන්තාවන් තිදෙනකු සපා කා තුවාල සිදුකර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු කිවේය.

මෙම ඒකකයේ කාන්තාවන් 38 දෙනකු සිටි බවත් බල්ලාගේ කඩා පැනීමත් සමඟ වැඩි දෙනකු ඇඳන් මත නැගී බල්ලාගෙන් බේරීම සඳහා කෑ ගසා ඇති බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

රෝහල් සේවකයන් විසින් මෙම බල්ලා වාට්ටුවෙන් පිටතට එළවා දැමූ විට මාර්ගයට පැමිණි බල්ලා ප්‍රදේශවාසීන් එක්ව මරා දමා තිබිණි.

මෙම බල්ලාගේ හිස ජලභීතිකා පරීක්ෂණයක් සඳහා යොමුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!