29.4 C
Galle

නීති විරෝධී සිගරැට් තොගයක් ගාල්ලෙන් අල්ලයි

Published:

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සිගරැට් තොගයක් සමඟ සැකකරුවකු ගාල්ල ඔසනගොඩ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ හියුම්ස් පාරේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.

දක්ෂිණ නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටළීම සිදුකරන අවස්ථාවේ ඔහු සතුව සිගරැට් 1960ක් ද තිබී ඇත. මෙම වැටලීම සඳහා නාවික හමුදා බුද්ධි නිලධාරීන් සමඟ ගාල්ල පොලිස් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් ද එක්වූ අතර සිගරැට් තොගය ‍සමඟ සැකකරු ගාල්ල මූලස්ථාන පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවයි.

Related articles

spot_img
error: Content is protected !!