29.4 C
Galle

එක කාක්කෙක් මරා තටුව එල්ලන කතාවක් ඇමති ජොන්ස්ටන් කියයි (වීඩියෝ)

Published:

“එක කාක්කෙක් මරා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වෙනවා” යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් පෙරේරා වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියක ප්‍රගති සමාලෝචන රැස්වීමක දී කීවේය.

ඊයේ (29) මෙම රැස්වීම පැවැත්විණි.

ඔහු පවසන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න ඇතිවන බවයි. තිස්සමහාරාම වැව හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් එය රජයේ වැඩක් බවත් රජයේ ම අමාත්‍යාංයක් යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඊට එරෙහිවන බවත් ප්‍රනාන්දු අමාත්‍යවරයා කීවේය. මෙය ආණ්ඩු දෙකක් වැනි යැයි කී ඔහු එක් කාක්කෙක් මරා තට්ට එල්ලූ විට ඔක්කෝම සුද්ද වෙනවා යැයි කියමින් සිනාසුණේය.

රජය ව්‍යාපෘතියක් ආරම්භ කල පසුව සියලුම අමාත්‍යාංශ එයට සහාය දිය යුතුයැයි අමාත්‍යවරයා කී‍වේය.

Related articles

spot_img
error: Content is protected !!