29.4 C
Galle

ගාල්ල, මාතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැමට හෙට සිට එන්නත් දෙයි

Published:

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දී හා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දී  වයස අවුරුදු 60ට වැඩි ඕනෑම පුද්ලයකුට හෙට (05) සිට කොරෝනා මර්ධන සයිනොෆාර්ම් එන්නත ලබාගත හැකි බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ගාල්ල කොටුවේ පිහිටි යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් විද්‍යාල‍ෝක විද්‍යාලයේ දී එන්නත්කරණ වැඩසටහන මෙහෙයවන අතර මාතර නිල්වලා යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් මාතර වැඩසටහන මෙහෙයවයි. හෙට (05) උදෑසන 8.30ට එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ වෙයි.

ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි ඕනෑම පුද්ගලයකුට මෙම ස්ථාවලට පැමිණ සතියේ ඕනෑම දිනක උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා එන්නත් ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.  

Related articles

spot_img
error: Content is protected !!