30 C
Galle

උද්ඝෝෂණ හා මහජන රැස්වීම් නැවත දැනුම් දෙනතුරු තහනම්

Published:

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් මහජන රැස්වීම් හා උද්ඝෝෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව කිසිදු ආකාරයක මහජන රැස්වීම් පැවැත්වීම හා උද්ඝෝෂණ පැවැත්වීම මේ මොහොතේ සිට තහනම් වන බවත් එවැනි මහජන රැස්වීම් හෝ උද්ඝෝෂණවලට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!