30.5 C
Galle

ක්‍රිකට් දත්ත විශ්ලේෂකටත් කොරෝනා

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක තනුජ නිරෝෂණ කොරොනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ බව තහවුරු වී ඇත්තේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා වන ග්‍රාන්ට් ෆ්ලවර් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමනේ පසු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලිනි.

මේ වනවිට ග්‍රාන්ට් ෆ්ලවර් සහ තනුජ නිරෝෂන් දෙදෙනා ම හුදකලා කර සිටිති.

එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 21 දෙනා සහ කාර්ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ද කොළඹ ‍ටාජ් සමුද්‍ර හෝටලයේ ම හුදකලා කර සිටින අතර වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු ඔවුන් පුහුණුවීම් සඳහා යොමුකරන්නේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එංගලන්තයට ගිය ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.

Related articles

spot_img
error: Content is protected !!