29.4 C
Galle

කොරෝනා වයිරස ප්‍රභේද දෙකක් ආසාදනය වූ කාන්තාවක් හමුවෙයි

Published:

කොරෝන වයිරසයේ ප්‍රභේද දෙකක් එක්වර ආසාදනය වූ 90 හැවිරිදි කාන්තාවක් බෙල්ජියමෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

90 හැවිරිදි වියේ පසු වූ ඇය මියගොස් ඇති අතර ජාන අනුක්‍රමිකතා පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඇයට බ්‍රිතාන්‍යයෙන් පළමුවරට හඳුනාගත් කොරෝනා ඇල්ෆා ප්‍රභේදය සහ දකුණු අප්‍රිකාවෙන් පළමුවරට හඳුනාගත් බීටා ප්‍රභේදය යන ‍වෛරස විකෘති ප්‍රභේද දෙකම ආසාදනය වී ඇති බවයි.

බෙල්ජියමේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාව එන්නත්කරණයට ලක්වූ තැනැත්තියක නොවන බවයි. එමෙන් ම ඇය නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැතැයි ද එරට සෞඛ්‍ය අශ වාර්තා කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!