26.7 C
Galle

එංගලන්තය හඬවමින් යූරෝ කුසලානය ඉතාලිය දිනාගනී

Published:

යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරඟයේ දී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ශූරතාවයට දිනාගැනීමට ඉතාලිය සමත්විය. ඉතාලිය යූරෝ කුසලානය දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි.

එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ පළමු අර්ධයේ දෙවැනි මිනිත්තුවේ දි ම එංගලන්තය පළමු ගෝලය වාර්තාකරමින් පීඩනය ඉතාලි කණ්ඩායමට පැටවීමට සමත්වූයේය.

ඉතාලිය පළමු ගෝලය වර්තා කළේ දෙවැනි අර්ධයේ දී 67 වැනි මිනිත්තුවේ දී ය. නියමිත කාලය අවසන්වන විට ගෝල 1-1යි ලෙස දැක්වුණු බැවින් අමතර කාලයක් දක්වා තරඟය දීර්ඝ විය.

එම කාලයේ දී ද දෙපිළම ගෝල වාර්තා කිරීමට නොහැකි වූයෙන් දඬුවම්පහර මගින් ජයග්‍රාහකයන් තීරණය කිරීමට සිදුවිය.

එහි දී දඬුවම් පහර දෙකක් සාර්ථක කරගැනීමට සමත් වූ ඉතාලිය යූරෝ කුසලානය හිමිකරගත්තේ 03-01ක් ලෙස ජයගනිමින්.

Related articles

spot_img
error: Content is protected !!