28.9 C
Galle

රට පුරා රන් භාණ්ඩ කොල්ල කෑ කල්ලියක ප්‍රධානියෙක් අත්අඩංගුවට

Published:

පොලිස් බල ප්‍රදේශ රැසක් නිවාස හා රන් භාණ්ඩ අළෙවි සැල්වලින් රත්තරන් බඩු ක‍ොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක ප්‍රධාන සැකකරුවකු ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ ගාල්ල පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය මගිනි. උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ දී අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් සැක සහිත යතුරුපැදියක් නතරකළ අවස්ථාවේ දී යතුරුපැදිය දමා පළාගිය පිරිසක් ගැන කරන ලද විමර්ශනයකින් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

CCTV දර්ශන හා ජංගම දුරකථන වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශන අනුව රූමස්සල දී ඔහු හසුකර ගැනීමට හැකි වූ බව  පොලිසිය පවසයි.

ඔහු රන් භාණ්ඩ සහ යතුරුපැදි සොරාගැනීමේ සිද්ධි 12ක් සම්බන්ධයෙන් සැකපිට සොයමින් සිටි උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු 30 හැවිරිදි අයකු බව ද පොලිසිය පවසයි.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ගල්කිස්ස, කළුතර, බෝම්බුවල, බේරුවල, අඟුරුවාතොට, පයාගල  තණමල්විල, වැලිපැන්න‍, මිද්දෙණිය, පාදුක්ක, කලවාන, ඇහැලියගොඩ සහ මොණරාගල ප්‍රදේශවල නිවෙස්වලින් යතුරුපැදි සොරාගැනීම් සහ නිවාසවලින් රන්භාණ්ඩ සොරකම් කිරීම් සිදුකර ඇත. එමෙන්ම  ඔවුන් රන් භාණ්ඩ අළෙවි සැල් කොල්ලකෑමේ සිද්ධි කිහිපයකට සම්බන්ධ බව පොලිසිය සැකකරයි.

සොරාගෙන ඇති රන් භාණ්ඩවල වටිනාකම රුපියල් 68 ලක්ෂයකට අධිකය. සොරකම් කළ රන් භාණ්ඩ මිල දී ගත් වැලිගම පදිංංචි පුද්ගයකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහයුම් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!