28.9 C
Galle

රිච්මන්ඩ් විද්‍යාලයේ මුල් පුටුව රිච්මන්ඩ්වරයකුට

Published:

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරේ වැඩ බැලීම සඳහා රිච්මන්ඩ් විද්‍යාලයේ ම ආදි සිසුවකු වන නිලූක දිල්රුක් වීරසිංහ පත්කර තිබේ.

1996 වර්ෂයේ දී රිච්මන්ඩ් විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබාගත් වීරසිංහ කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරියකු ලෙස ද සේවය කළේය. ඉන් පසු අධ්‍යාපන පරිපාලන සේවා විභාගයට මුහුණ දී අධ්‍යාපන පරිපාලන සේවයට එක් වූ හෙතම අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි ශ්‍රේණියේ නිලධාරියකු වෙයි. බෙන්තර ගාමිණී මහා විද්‍යාලයේ විදුහල්තිවරයා ලෙස සේවය කරමින් සිටියේය.

රිච්ම්න්ඩ් විද්‍යාලයේ ස්ථිර විදුහල්පතිවරයා ලෙස පත්වීම් ලබා 2020 ඔක්තෝබර් මාසයේ රාජකාරී ආරම්භ කළ තිලක් වත්තුහේවා කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස නික්ම යාම හේතුවෙන් රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්ති ධූරය පුරප්පාඩු විය.

ඒ අනුව නිලූක දිල්රුක් වීරසිංහ එම ධූරයේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!