29.4 C
Galle

ගම්මම්පිළට එරෙහි විශ්වාසභංගය පරාජය කරයි

Published:

සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජය විය.

විශ්වාසභංගයට එරෙහිව ඡන්ද 152ක් ලැබුණු අතර පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 61ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.

තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා ට එරෙහිව දිගින් දිගටම විවේචන සිදුකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද විශ්වාසභංගයට එරෙහිව අද ඡන්දය පාවිචිචි කළේය.‍

සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

මන්ත්‍රීවරු 11 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ නොසිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර තිබුණි.

Related articles

spot_img
error: Content is protected !!