26.8 C
Galle

“අපි ආණ්ඩුව ඉල්ලද්දී, රනිල්ට දුන්නා. අපිට දුන්නනම් ඩොලර් ගේනවා” – ටිල්වින්

Published:

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වූ අවස්ථාවේ ආණ්ඩුව බාර ගැනීමටම සූදානම්යයි ජාතික ජන බලවේගය ජනාධිපතිවරයාට දැනුම් දුන්න ද ඔහු රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්කළ බවත් තමන් ආණ්ඩුව බාර ගත්තානම් රටට ඩොලර් පැමිණෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ‍ටිල්වින් සිල්වා පවසයි.

ලෝකය පුරා රටවල තම පක්ෂයේ කමිටු පිහිටුවා ඇති බවත් එම කමිටුවල මෙහෙයවීමෙන් විදෙස්ගත ශ්‍රමිකයන් හරහා මාසිකව ඩොලර් බිලියන 1.5ක් ගෙන්වාගැනීමට හැකියාව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

තම පක්ෂය ආණ්ඩුව බාර ගන්නේ නම් ජනාධිතිවරයා ධූරයෙන් ඉවත්වී වැඩබලන ජනාධිපති ලෙස කතානායකවරයා පත්කළ යුතු බවත් යෝජනා කළේ යැයි ද ටිල්වින් සිල්වා වැඩිදුරටත් කීකේවය.

තම පක්ෂය ආණ්ඩු කරන්නේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනා සහ අඩුවෙන් හොරකම් කරන ලද දහ දෙනකුගෙන් පමණ සමන්විත වූ කුඩා අමාත්‍ය මණ්ඩලයක් සමඟ බවත් ඔහු කියා ිසටියේය.

Related articles

spot_img
error: Content is protected !!