27.6 C
Galle

භයානක පෙරනිමිත්තක්. ඇඟළුම් කම්හළක සාම්පල 06කින් 05ක් ම ඩෙල්ටා.

Published:

කැස්බෑවේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 120ක් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනකු හමු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම ඩෙල්ටා ආසාදිතයන් 05 දෙනා හමු වී ඇත්තේ සාම්පල 06ක් ජාන අනුක්‍රමිකතා පරීක්ෂණයට ලක්කිරීමෙනි.

එම කම්හළෙන් ආසිදිතයන් 120ක් හමු වී ඇත්තේ පුද්ගලයන් 186 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලිනි.  එය 64.5% වැනි විශාල අගයක් ගනී. ආසාදිත වීම මෙතරම් විශාල ප්‍රතිශතයක් වන බැවින් මේ කම්හළේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙමින් තිබිය හැකි බව සෞඛ්‍ය අංශ සැකකරයි.

පසුගිය සතියේ දී එම කම්හලේ පුද්ගලයන් 166 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් 109 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබූ අතර තවත් 20 දෙනකුගේ ජෛව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමුකර තිබිණි.

එම 20 දෙනා අතරින් ද 11 දෙනකු ආසාදිත බව තහවුරු කර තිබිණි. එලෙස ආසාදිත බව හඳුනාගත් පුද්ගයන් 06 දෙනකුගේ සාම්පල ජාන අනුක්‍රමිකතා පරීක්ෂණ සඳහා යොමුකළ විට අනාවරණය වී ඇත්තේ ඉන් 05 දෙනකුටම කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී තිබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!