31.1 C
Galle

ගාල්ල බන්ධනාගාරයේ දී එල්ලී මියගිය රැඳවියාටත් කොරෝනා

Published:

ගාල්ල බන්ධනාගාරයේ දී ගෙල වැළලාගෙන මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

සිරඳඩුවම් විඳිමින් සිටි මෙම සිරකරු පසුගිය 21 වැනි දා රාත්‍රියේ ඔහු සිටි සිරමැදිරියේ ම ගෙල වැළලාගෙන මියගොස් සිටිබව බන්ධනාගාර නිලධාරීන් පවසයි.

සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආපසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (23) කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකයේ දී පැවැත්වීමට නියමිතය.

කොරෝනා ආසාදනය වුව ද බන්ධනාගාරයේ දී ගෙලවැළලාගෙන මියගොස් ඇති බැවින් ඔහුගේ සිරුර ඔට්මාවඩි ප්‍රදේශයට ගෙන ගොස් භූමදාන කිරීමට නියමිතව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!