31.1 C
Galle

කාලගුණේ අනතුරු අඟවයි. මුහුද රළු වෙයි

Published:

ඉදිරි පැය කිහිපයේ දී මෙරට ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණ තත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගාල්ල සිට හම්බන්තොට හාරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නරම හරහා කන්කසන්තුරය දක්ව වන නොගැඹුරු හා ගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය වැඩි විය හැකි බව එම අනතුරු ඇඟවීමේ වාර්තාවේ දැක්වේ.

එම මුහුදු ප්‍රදේශවල සුළ‍ං වේගය පැයට කිලෝ මීටර 70ක් දක්වා ඉහළ යා හැකි බවත් අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර 60 දක්වා ඉහළ යා හැකි බවත් සඳහන් කර ඇත.

සුළං වේගය වැඩිවීම හේතුවෙන් මුහුද රළු විය හැකි බැවින් ධීවර සහ නාවුක ප්‍රජාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත්වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!